ආසියානු සංවර්ධන බැංකුවෙන් සහන ණයක්

December 11, 2024 - 3:26 PM
ලබන වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහන ණය මුදලක් මෙරටට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කර තිබෙනවා.

ඒ මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන්.

එහි නියෝජිතයන් පිරිසක් මේ බව සඳහන් කළේ අද (11) නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ඈතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදීයි.

එහිදී ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන නාගරික සංවර්ධන හා ජල සම්පාදන ව්‍යාපෘතිවල ප්‍රගතියද විමසා තිබෙනවා.
 
(xanin.lk)