මෙරට අනාගතය ගොඩනැගීම ඇමරිකාවේ අවශ්‍යතාවය බව තානාපතිනිය කියයි
December 11, 2024 - 4:57 PM
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව සහ ධනාත්මකව ගොඩනැගීම සිය අවශ්‍යතාවය බව මෙරට ඇමරිකානු තානාපති ජුලී චන්ග් ප්‍රකාශ කළා.
ඒ මහනුවර ඩී. එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලයේ පිහිටා ඇති ඇමරිකානු තොරතුරු පියස පරිශ්‍රය ආරම්භ කර වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැති වැඩසටහනකට එක් වෙමින්.
එහිදී ඇය කියා සිටියේ දශක දෙකක් පුරා ඇමරිකානු තොරතුරු පියස මඟින් සිදුකළ නිදහස් අධ්‍යාපනය, නායකත්ව සංවර්ධනය ඇතුළු වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සවිබල ගන්වා තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ මෙම ගමන තවදුරටත් යාමට බලාපොරොත්තුවන බවද ඇය සඳහන් කළා.
(xanin.lk)