පුංචි ඡන්දයේ නාම යෝජනා ගැන විශේෂ සාකච්ඡාවක්
November 29, 2024 - 12:57 PM
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ එය සභානායක අමාත්‍ය බිමල් රත්නායකගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බවයි.
එම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ එහිදී ගනු ලබන තීරණය මත පදනම්ව පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණෙන බවයි.
(xanin.lk)