සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ නම ගැසට් කරයි

December 11, 2024 - 5:57 PM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා පසුගියදා රවී කරුණානායකව පත් කළා.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊයේ (11) තීරණය කළේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කිරීමටයි.


(xanin.lk)