පුංචි ඡන්දය ගැන අවසන් තීරණය ලබන සතියේ

November 30, 2024 - 10:25 AM
තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවූ නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන්.

සභා නායක අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයන සහභාගි වීමට නියමිතයි.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළා.

(xanin.lk)