මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගෙන් 77%ක් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම මඟහරියි
December 04, 2024 - 4:41 PM
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ සමස්ත අපේක්ෂකයන්ගෙන් 23%ක් පමණ මේ වන විට තම ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් 1,985 දෙනෙක් පමණක් සිය වියදම් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ දෙසැම්බර් 6 වනදා වන විට සියලුම අපේක්ෂකයන් තම ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.
දෙසැම්බර් 6 වනදා වන විට අදාළ වාර්තා ඉදිරිපත් නොකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවද එම කොමිසම සඳහන් කළා.
(xanin.lk)