කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පොහොට්ටුව තීරණය කරයි

December 12, 2024 - 6:07 PM
කථානායක අශෝක සපුමල් රංවලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවම් ප්‍රකාශ කළා.

ඒ අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ කථානායකවරයා මුල් අවස්ථාවේදී තමන්ට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවයි.

ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් සිය පාර්ලිමේන්තු කණ්ඩායම හරහා ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා සමස්ත විපක්ෂය සහ හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

(xanin.lk)