නිවැරදි තීරණ ගන්න ජනතාවට කාලයයි - අනුර

June 22, 2024 - 11:41 AM
යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කිරීම අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත්වූ පසු තමන්ට ඡන්දය දුන් ජනතාවව අමතක කරන බවයි.

ඉදිරි මැතිවරණයේදී මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි තීරණ ගැනීම සඳහා ජනතාවට කාලය ලැබී ඇති බව ඔහු අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමින්.

(xanin.lk)