පළාත් පාලන ඡන්දයට යළි නාම යෝජනා කැඳවයි

December 03, 2024 - 3:24 PM
පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට කැඳවා තිබෙන නාම යෝජනා ආපසු කැඳවා නව නාම යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

ඒ අනුව 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළව කැඳවා තිබූ නාම යෝජනා අවලංගු කිරීමටත් නව නාම යෝජනා කැඳවීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.
 

(xanin.lk)