මන්ත්‍රී අර්චුනාගේ චෝදනාවට පිළිතුරු

December 03, 2024 - 6:16 PM
තමන් කිසිවෙක්ට පහර නොදුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමන්ට පහර දුන් බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

එම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සුජිත් සංජය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(xanin.lk)