පුංචි ඡන්දයට කොමිසම සූදානමින්
November 28, 2024 - 10:00 AM
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සහ එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර තිබෙනවා.
ඒ ඊයේ (27) එම කොමිසම රැස් වූ අවස්ථාවේදීයි.
කෙසේ වෙතත් එහිදී එම මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් තීරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ ඉදිරි දිනවලදී යළි කොමිසම රැස්වී අවසන් තීනිදුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැත්විය යුතු බැවින් ඒ සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(xanin.lk)