මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම කඩිනමින්

December 02, 2024 - 12:26 PM
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ ජාතික ජන බල වේගයේ නැගෙනහිර අනුරාධපුර මහජන සම්බන්ධීකාරක කාර්යාලය අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු රජයේ නිවාසයක් භාවිතා නොකරන බවයි.

(xanin.lk)