ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

December 02, 2024 - 12:24 PM
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (02) ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගර කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)