පාස්කු වාර්තාව පිළිබඳව ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්
October 16, 2024 - 8:31 PM
පාස්කු වාර්තාව දින තුනක් තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දින ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිඳු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු එහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට භාර නොදෙන බවයි.
තමා සතුව ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
(xanin.lk)