මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනමට අධිකරණය දුන් නියෝගය
July 31, 2024 - 1:31 PM
ශ්‍රීලනිපයේ සභාපති ධූරයේ සහ මහ ලේකම් ධූරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.
පැමිණිලිකරුවන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් අවශ්‍ය කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය සඳහන් කළේ.
(xanin.lk)
පැමිණිලිකරුවන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් අවශ්‍ය කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි අධිකරණය සඳහන් කළේ.
(xanin.lk)