මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වෙයි - කථානායක

July 02, 2024 - 12:20 PM
ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර් සම්බන්දන්  අභාප්‍රාප්ත වීමෙන්  මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන  පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නා.

ඔහුගේ අභාවය පිළිබඳව සභාවේ  කණගාටුව පවුලේ සාමාජිකයන්ට දැනුම් දෙන බවද කථානායකවරයා කියා සිටියා.

මේ පිළිබඳ ශෝක යෝජනාව ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායකවරයා කියාසිටි අතර සම්බන්දන් මහතාට ගෞරව දැක්වීමක් ලෙස ඔහුගේ දේහය අනිද්දා (4) පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල උත්සව ශාලාවේ  පස්වරු 2.00  සිට පස්වරු  4.00 දක්වා තැන්පත් කර තිබෙන බවත් සඳහන් කළා.
(xanin.lk)