පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයෙන් තීරණයක්
April 10, 2024 - 9:18 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (09) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී රැස්වූ අතර එහිදී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අනුව පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව වෙනත් දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමේ බලය පක්ෂ විනය කමිටුවට පවරා තිබෙනවා.
එහිදී ගත යුතු විනය ක්‍රියාමාර්ග දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස පක්ෂ විනය කමිටුවට දැනුම් දුන් බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළා.
ඊට අමතරව පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර සඳහා කඩිනමින් සුදුස්සන් පත් කිරීමටද, සෑම දිස්ත්‍රික්කයකටම කාන්තා සංවිධායකවරියක් පත් කිරීමට ද එහිදී තීරණය කර තිබෙනවා.
(xanin.lk)