ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදය ඇරඹෙයි

December 03, 2024 - 11:04 AM
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම විවාදය හෙට (04) දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම හෙට (04) පස්වරු 5.00ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.


(xanin.lk)