නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය වරයෙක් සජබයට එක් වෙයි

June 03, 2024 - 12:02 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු සහ හිටපු මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරලියද්ද සමගි ජන බලවේගයට එක්ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දේශීය වෛද්‍ය අමාත්‍යධූරයේ මෙන්ම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධූරයේද කටයුතු කළා.

ඔහු සමගි ජන බලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට සජබ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)