ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට තීරණයක්
May 22, 2024 - 3:39 PM
2024 ඡන්ද හිමි ලේඛනය ජූලි මස මැද සහතික කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එම කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් සමන් ශ්රී රත්නායක සඳහන් කළේ ඡන්ද හිමි ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා විභාග කිරීම මේ වන විට අරඹා ඇති බවත් ලබන මස 30 වැනිදාට පෙර එම කටයුතු අවසන් කිරීමටත් අපේක්ෂිත බවයි.
ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණය හෝ ජූලි මාසයෙන් පසු පැවැත්වෙන් ඕනෑම මැතිවරණයක්, 2024 ඡන්ද හිමි ලේඛනය අනුව පැවැත්වීමට හැකියාව ලැබෙන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ.
(xanin.lk)