කොළඹ පාසලකට ඇමති නිල නිවසක් පැවරීමට තීරණයක්
October 12, 2024 - 3:44 PM
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ වන විටත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් යළි සිහි කැඳවීමක් සිදු කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.
ඇය සඳහන් කළේ ඊට ප්‍රතිචාර නොලැබෙන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
මෙහිදී හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර භාවිත කළ නිල නිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට ද උපදෙස් ලබා දී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ය මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)