විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්

April 24, 2024 - 3:22 PM
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා පවසනවා.

ඊට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට තම සංගමය සුදානම් බවත් ඒ බව එම පක්ෂ දෙකට ලිපි මගින් දන්වා ඇති බවයි ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමයේ සභාපති නවෝද් රත්නසේකර මහතා සඳහන් කරන්නේ.

(xanin.lk)