නිදහස් උලෙළ සංවිධානය කිරීමට කමිටුවක්

December 04, 2024 - 10:47 AM
2025 පෙබරවාරි 04 වනදා යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැති හිමිවී තිබෙනවා.

එම නිදහස් දින සමරු උළෙල පැවැත්වීම හා එහි සංවිධාන කටයුතුවලට අදාළව මඟපෙන්වීම, මෙහෙය වීම සහ අධීක්ෂණය සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් 14 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී  ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)