රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මාතලේදී

May 10, 2024 - 11:47 AM
2024 මැයි මස 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ආගමික ශාසනික ප්‍රබෝධය ඇති වන ලෙස අංග රැසක් ඇතුළත් කර උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

මැයි 21 සිට 27 වැනි දින දක්වා ජාතික වෙසක් උත්සවය සතියක් පුරා සැමරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(xanin.lk)