නිදහස් පක්ෂයේ ලිපිගොනු කිහිපයක් අතුරුදන් වෙයි

April 06, 2024 - 1:33 PM
අද (06) පෙරවරුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට පොලීසිය තහනම් කර තිබෙනවා.

ඒ පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපි ගොනු කිහිපයක් අතුරුදන්ව ඇති බවට පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසින් සිදුකළ පැමිණිල්ලට අනුවයි.  

එම පැමිණිල්ලට අදාලව පොලීසිය විසින් විමර්ශන කටයුතු අරම්භ කර තිබෙනවා.
 
කෙසේ වෙතත් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා විසින් හදිසි රැස්වීමක් සඳහා ආසන සංවිධායකවරුන්ව කැඳවා ඇති පසුබිමකයි.

ඒ අනුව එහි දී යම් නොසන්සුන්තාවයක් ද ඇතිව තිබෙනවා.

(xanin.lk)