ජනපති සටනට හතක්
April 24, 2024 - 2:13 PM
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 7ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරෙකු වන ඉශාන් ජයවර්ධන යන මහත්වරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටිනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ ඉල්ලීම් සිදු කර ඇතත් ඔහු තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නෑ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද තවමත් තීරණය කර නොමැති අතර එම පක්ෂයේ මැයි දින රැලියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන බව වාර්තා වනවා.
(xanin.lk)