පොහොට්ටුවේ පළාත් පාලන සංසදයේ සහය රනිල්ට

April 08, 2024 - 10:37 AM
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසනවා.

ඊයේ (07) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළා.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියා.

(xanin.lk)