විජයදාසට සහ පොහොට්ටුවෙන් ගිය අයට විනය පියවර
April 24, 2024 - 11:04 AM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා ගත් කිහිප දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට පක්ෂ විනය මණ්ඩලයට යොමු කර තිබෙනවා.
එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ එලෙස වෙනත් දේශපාලන පක්ෂවලට එකතු වීම පක්ෂ ව්‍යවස්ථාව කඩ කිරීමක් ලෙස සලකා විනය මණ්ඩලය විසින් ඔවුන්ට විරුද්ධව විනය පියවර යෝජනා කරන බවයි.
එලෙස විනය මණ්ඩලයට යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයට එක් වූ මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, නාලක ගොඩහේවා, උපුල් ගලප්පත්ති, කේ. පී. එස්. කුමාරසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධයෙන්.
එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට පත් වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද එලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
(xanin.lk)