ජනාධිපතිවරණය කල් දාන්න කිසිසේත් සූදානම් නැහැ - ජනපති

July 29, 2024 - 10:47 AM
පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සකච්ඡා කර සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා කිසිසේත් සූදානම් නොමැති බවයි.

ඒ අනුව සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සලසන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

(xanin.lk)