ජනපති හමු වූ ජනපති
May 21, 2024 - 9:02 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණා.
ඒ, ඉන්දුනීසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි.
එහිදී ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මිත්‍රශීලිව පිළිගත් අතර රාජ්‍ය නායකයන් දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එහිදී නායකයන් ප්‍රතිඥා දුන් අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ගෝලීය අභියෝගවලට මුහුණදීමේදී දෙරට අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
(xanin.lk)