පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි

May 22, 2024 - 10:28 AM
ඉරාන ජනාධිපත ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් අද (22) පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එලෙස විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම ආසනයෙන් නැගිට ශෝකය පළ කිරීමට එක් වුණා.

(xanin.lk)