පාර්ලිමේන්තුව අද රැස්වෙයි

May 22, 2024 - 8:38 AM
පාර්ලිමේන්තුව අද (22) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව 'ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත' සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් 'රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත' පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනු ඇති.

පෙරවරු 9.45ට සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල් දැමීමේ යෝජනාව අනුව විවාදය පැවැත්වීමට නියමිතයි.

(xanin.lk)