සජිත් විවාදයට දුන් දිනවලට ජාජබය අකමැති වෙයි

May 20, 2024 - 11:06 AM
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදයට දිනයක් නියම කිරීමට ජාතික ජන බලවේගය ලබා දුන් දිනය අදින් (20) අවසන් වනවා.

ඒ නිසා සමගි ජන බලවේගයට පෙර දැනුම් දුන් පරිදිම එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා.

කෙසේ වෙතත් විවාදය සඳහා දින ලබා දෙමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට යොමු කළ ලිපියේ දිනය 17 වෙනිදා ලෙස සඳහන් වූවත් එම ලිපිය ලැබී තිබුණේ ඊයේ (19) පස්වරුවේ බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසනවා.

සමගි ජන බලවේගය විසින් විවාදය සඳහා 20 වනදායින් පසු දින 4ක් ලබාදී ඇති අතර ඔවුන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු අතර විවාදයට වන බැවින් ඒ සඳහා ද ජාතික ජන බලවේගය එකඟ නොවන බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

ඒ, පළමුව නායකයින් අතර විවාදය පවත්වා අනතුරුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමට ජාතික ජන බලවේගය යෝජනා කර තිබුණු බවින්.    

(xanin.lk)