මැයි 24 - 25 ජනපති උතුරට
May 22, 2024 - 1:32 PMජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි මස 24 සහ 25 යන දෙදින තුළ උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතයි.
උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා එම සංචාරයේ නිරත වන බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවත් මේ වන විට රජය විසින් උතරේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගිලි කිහිපයක්ද ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිත බවයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසුවේ.
(xanin.lk)