ලොහාන්ගේ සහයත් රනිල්ට

June 18, 2024 - 3:01 PM
ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිශ්චිත වචනයක් බලාපොරොත්තුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු වෙනුවෙන් සහය ලබා දෙමින් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  

එමෙන්ම  ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ අගාධයට වැටී තිබූ රටට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මේ වන විට නිවැරදි ලෙස රට පාලනය කරමින් සිටින බවයි.  

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 (xanin.lk)