ඔන්ලයින් කැසිනෝවලින් රටට කෝටි ගණන් අහිමි වන බව හර්ෂ කියයි

June 11, 2024 - 6:26 PM
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ, නියාමනය කෙරෙන නීති නැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව දන්වමින්.

ඔන්ලයින් කැසිනෝ නියාමනය කිරීම සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස ද ඔහු එමඟින් ඉල්ලා සිටිනවා.

(xanin.lk)