මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි - මැතිවරණ කොමිෂන් සභාව

July 02, 2024 - 5:57 PM
මැතිවරණ නීතිය තවමත් බලාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව එම කොමිෂන් සභාව සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බවයි.

පළාත් පාලන මැතිවරණ නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්,කණ්ඩායමක්,අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(xanin.lk)