ෆොන්සේකාට එරෙහි ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
May 06, 2024 - 1:54 PM
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දරණ තනතුරුවලින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළා.
එම නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය විසින් අද (06) දින නියම කර තිබෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නියෝග කළේ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
(xanin.lk)