22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයට බලපෑමක් කරන්න බැහැ - අනුර

July 22, 2024 - 7:23 PM
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිඳු බලපෑමක් එල්ල කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව පනපතිවරයාට පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් සමාජය ව්‍යාකූලත්වයට පත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඇති බවයි.

එමෙන්ම අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එහිදී රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වී සාමකාමීව ගෙදර යන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජපානයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(xanin.lk)