සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට කැප වෙනවා - ජනපති

June 13, 2024 - 8:15 PM
රටේ පවතින ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මූලධර්මවලින් තමා කිසිවිටෙකත් ඉවත් වී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

සියලුම පුරවැසියන්ට ප්‍රමාණවත් ජීවන තත්ත්වයක් ඇති බව සහතික කිරීම සහ මහජන යහපත සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආර්ථික ක්‍රියාකාරකම් මඟින් සමස්ථ රටේම වේගවත් සංවර්ධනයක් ඇති කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ඔහු කියා සිටියා.
 
 අද (13) කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

(xanin.lk)