ඩයනාට ඇප ලැබීම ගැන CIDයට චෝදනා

May 23, 2024 - 8:32 AM
අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට ඉදිරිපත් නොවීම නිසා ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිනිය ඇප මත නිදහස් වීම පිළිබඳව CIDය වගකිව යුතු බව ගමගේ මහත්මියගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් පවසනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන බවත් VISA නැති විදේශ පුරවැසියෙක් සමාජයේ නිදැල්ලේ සිටිය නොහැකි බවත්ය.  

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඩයනා ගමගේ ඇප මත නිදහස් වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටව ගිය වාහනය සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර ඇති සංචාරක අමාත්‍යංශයේ වහනයක් බවත් එමගින් රජය ඩයනා ගමගේ මහත්මියට අනුග්‍රහය දක්වන බවයි.

(xanin.lk)