මැතිවරණය ගැන පොහොට්ටුවේ මතය කියයි

March 22, 2024 - 9:25 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී පළමුව මහමැතිවරණයක් පැවැත්විය යුතුයි යන්න තම පක්ෂයේ මතය වන බව බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ජනාධිපතිවරයා එකඟතාවයකට පැමිණ නැති අතර හැකි ඉක්මනින් ඒ සම්බන්ධව එකඟතාවයක් ඇති කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

(xanin.lk)