ජනාධිපතිවරණයට අදාළව රජයේ දේපළ අවභාවිතා කිරීම් ඉහළට

September 10, 2024 - 10:50 AM
ජනාධිපතිවරණයට අදාළව රජයේ දේපළ අවභාවිතා කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂක සංවිධානය පවසනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම්, ප්‍රචාරණ ව්‍යාපාර තීව්‍ර කිරීම් වැනි සිදුවීම් නිරීක්ෂණය වන බවයි.  

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1066ක් බව පැෆ්රල් සංවිධානය පවසනවා.

(xanin.lk)