පොහොට්ටුවේ තීරණයට මහින්ද එකඟ නැති බව වැටහුණා - කංචන
July 31, 2024 - 12:40 PM
එළඹෙන ජනාධිපතිවරණදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ මහින්ද රාජපක්ෂ එකඟ නොවන බවට වැටහුණු බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීට පෙර මහින්ද රාජපක්ෂ සමඟ සිදු කළ සාකච්ඡාවලදී පක්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට කතා කළ බවයි.
එමෙන්ම අනෙකුත් මන්ත්‍රීවරුන්ද ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිවරයාට සහය ලබාදීමට පෙළ ගැසෙනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.
(xanin.lk)