මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

November 12, 2024 - 12:09 PM
පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් අද (12) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු කියා සිටියේ දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා තිබෙන ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ ඒ සඳහා යෙදවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වන බවද ඔහු සඳහන් කළා.
 
(xanin.lk)