පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ
November 20, 2024 - 5:28 PM
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ පළමු රැස්වීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු පහසු කිරීම වෙනුවෙන් ඊයේ (19) සහ අද (20) පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් 200කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි.
එහිදී මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදු වුණා.
දසවන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ පළමු රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම සලසා තිබෙනවා.
(xanin.lk)