මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගනියි

November 19, 2024 - 2:44 PM
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ආනන්ද විජේපාල අද (19) වැඩ භාරගෙන තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න හා වැඩ බලන පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා.

(xanin.lk)