ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන ජන රැලිය

June 26, 2024 - 10:32 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය පවත්වන දෙවන ජන රැලිය මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගරදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කර ඇති අතර නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබෙනු බවයි වාර්තා වන්නේ.
(xanion.lk)