ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන

November 19, 2024 - 9:09 AM
නව පාර්ලිමේන්තුව රැස් වන 21වනදා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනෙක් වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදු වී තිබෙනවා.

ඒ ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ මහජන නියෝජිතයන් 116කට පමණක් අසුන් තිබීම හේතුවෙන්.

වේත්‍රධාරී කුෂාන් ජයරත්න කියා සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් 159ක් සිටින බැවින් මෙලෙස විපක්ෂය පාර්ශ්වයේ අසුන් ගැනීමට සිදු වන බවයි.

පාර්ලිමේන්තුව 21වනදා රැස් වුවද එදින ආසන පැනවීම සිදු නොකරන බැවින් එදින කැමැති පරිදි අසුන් ගැනීමට හැකියාව තිබෙනවා.  

අනතුරුව දෙසැම්බර් 03 වනදා පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත බැවින් එම දිනය වන විට ආසන පැනවීම සිදු කිරීමට අපේක්ෂා කරන බවද වේත්‍රධාරීවරයා සඳහන් කළා.

(xanin.lk)