ඡන්ද දායකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්
November 13, 2024 - 8:49 AM
මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කරන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිතා කිරීමට හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයන්ට නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත ඒ සඳහා භාවිතා කළ හැකි බවයි
(xanin.lk)